ආපදාව හමුවේ විදෙස්ගත ලාංකිකයන් එක මිටට

ආපදාව හමුවේ විදෙස්ගත ලාංකිකයන් එක මිටට

නව වසර ආරම්භයත් සමඟ රට යළි ගොඩනැගීම සඳහා තව දුරටත් අධිෂ්ඨානයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් මැදිහත් විය යුතු බව බ්‍රිතාන්‍යයේ සේවය කරන වෛද්‍ය ඉඳුනිල් විජේනායක අවධාරණය කරයි.

මේ සඳහා ජනවාරි 01 වෙනි දින සිට දැඩි කැපවීමකින් ක්‍රියා කළ යුතු බවත්, බ්‍රිතාන්‍යයේ සිටින ලාංකිකයින් මසකට පවුම් 10 බැගින් ඉතිරි කර රට ගොඩ නැගීමේ අරමුදලට බැර කිරීමේ අධිෂ්ඨානයක් ඇති කර ගන්නා ලෙස ඉල්ලා සිටී. එමෙන් ම වෙනත් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් ද ඒ ආකාරයෙන් සැලසුම් සහගතව මුදල් එකතු කර රට ගොඩනැගීමේ අරමුදලට බැර කරන ලෙස තව දුරටත් යෝජනා කර තිබේ.

වෛද්‍ය ඉඳුනිල් විජේනායක සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති එම ඉල්ලීම පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn