ලබන 2026 වර්ෂය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කර තිබූ අයවැය ලේඛනය ඊයේ (22) සවස පරාජය වී කර තිබූ අතර, නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් ඒ සම්බන්ධයෙන් ප්රකාශ කළේ විරුද්ධව ඡන්දය දුන් අය හෘදයේ සාක්ෂියට එරෙහි වී ඇති බවයි.
ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවා ගෙවී ගිය මාස 6ක කාලය තුළ කොළඹ ජනතාවගේ අභිමානයට හේතුවන ක්රියාමාර්ග රැසක් ගත් බව නගරාධිපතිනිය අවධාරණය කළාය. එමෙන් ම, පක්ෂ භේදයකින් තොරව සියළුම සභිකයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කර දුන් බව ද පැවසුවාය.
මෙවැනි පසුබිමක් තුළ ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය පරාජය ක්රියා කිරීමට ඡන්දය දුන් සියළු දෙනා තමන්ගේ ක්රියාව පිළිබඳව හෘදයේ සාක්ෂියෙන් ප්රශ්න කරන ලෙස අවධාරණය කළාය.
ඒ පිළිබඳ වැඩි විස්තර දැක්වෙන වීඩියෝව පහත පළ කෙරේ.
Views: 0










