බෙන්ජමින් නෙතන්යාහුට වරෙන්තුවක්

බෙන්ජමින් නෙතන්යාහුට වරෙන්තුවක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ගාසාහි ජන සංහාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනාවට අදාළවය.

එමෙන්ම ඔහුට අමතරව, යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙකුට එරෙහිවද මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති කැට්ස්, ජාතික ආරක්ෂක ඇමති බෙන් ග්වියර්ද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්