විදේශ ගතව සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන ජාවාරම් කරුවෙකුගේ ප්‍රධාන සහායකයෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි සැඟව සිටින `හයිබ්‍රිඩ් සුරංග’ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු වන රමේෂ් කුමාර නම් පුද්ගලයෙකි.
ඔහු මනුෂ්‍ය ඝාතනයට අදාළව මීට පෙරද බන්ධනාගාර ගතව සිටි අයෙකු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද ඇපමත සිටින අයෙකු බවත් වාර්තා වේ.
සැකකරු ගාල්ල බෝපේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම මොහොතේ ඔහු සතුව අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 45ක් තිබී ඇත.
මේ වනවිට ඔහු රඳවාගැනීමේ නියෝග මත රැඳවා සිටින අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.
286










