ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන් මතුගම, වැලිපැන්න ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු, ඔහුගේ බිරිඳගේ මව, මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු සහ තවත් කාන්තාවක් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස් කොස්තාපල්ගේ බිරිඳගේ මව ඊයේ (19) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සෙසු සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අද (20) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔවුන් තිදෙනොද ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත.










