හිටපු ඛනිජතල් විෂය භාර ඇමති අනුර ප්‍රියදර්ශනය යාපා, ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ හිටපු ඇමති බිරිඳ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (01) සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදී තිබේ.
ඒ අනුව, එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපති විසින් ගොනුකර තිබූ එම සංශෝධිත අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ භාරදීම සිදුවී ඇත.
සංශෝධිත අධි චෝදනා පත්‍රය යටතේ, මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස හිටපු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන අනුර සෙනෙවිරත්න නමැත්තෙකු නම් කරන බවද පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
2014 වසරේ දෙසැම්බර් මාසයේදී, ගං වතුර ආධාර සපයන බවට සඳහන් කරමින්, කටුගම්පල ප්‍රදේශයේ ගංවතුරු තත්වයක් නොමැති අවස්ථාවක එවකට පැවති මැතිවරණයට බලපෑම් වන අයුරින් අනීතික ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.










