කෙහෙළිය පවුලට එරෙහි නඩුව ඔක්තෝබර් 15 කැඳවීමට නියෝග

කෙහෙළිය පවුලට එරෙහි නඩුව ඔක්තෝබර් 15 කැඳවීමට නියෝග

කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව, වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (01) නියෝග කර තිබේ.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරිනිය සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්