මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින දේශපාලන ක්‍රියාමාර්ග හමුවේ නාමල් ප්‍රමුඛ රාජපක්ෂ කාටලය පුපුරා බිඳ වැටීමට ආරම්භ වී ඇති බවට ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් කරුණු ඉදිරිපත් කරති.
මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ රාමනාදන් අර්ජුනා යන දෙදෙනා සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග මූලික කර ගනිමින් ය. ඇප ලබා දීමකින් තොරව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ පිළිබඳව තම පවුලෙන් නෙරපා හැර ඇති ආකාරයේ නොසැලකිල්ලක් දක්වමින් සිටින නාමල් රාජපක්ෂ, රාමචන්ද්‍රන් අර්ජුනා විසින් සිවිල් නීති කඩ කරන ආකාරය පිළිබඳව වීඩියෝ සාක්ෂි පවා තිබියදී මැදිහත් වීම සසඳා බැලිය යුතුව තිබේ.
එමෙන් ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය හමු බොහොමයක් නිල වශයෙන් පවත්වමින් සිටින අතර, ඔහු මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් පමණක් එම මාධ්‍ය හමුවල දී කරුණු ඉදිරිපත් කරන බව ද තහවුරු වී තිබේ. එම තත්වය හමුවේ මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සොහොයුරා, චමල් රාජපක්ෂ පවා කොන් වී සිටින අතර, බැසිල් රාජපක්ෂ දැඩි නිහඬතාවක ගිලී ඇමරිකාවේ පසුවන බව ද නිරීක්ෂණය වේ.










