හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ.
ඒ, එම නඩුව විභාගකරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම අද නිවාඩු ලබාසිටීම හේතුවෙනි.
එමෙන්ම එම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමටද නියෝග කර ඇත.
අරගලය සමයේ හානියට පත්වූ අනවසර දේපළකට වන්දි ලබා දීමට තම නිල බලය භාවිත කරමින් “දූෂණය” නමැති වරද සිදු කිරීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අගෝස්තු 06 වන දා අල්ලස් කොමිසම මගින් ශෂින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනිණි.
99










