රුපියල් මිලියන 20ක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු ගුවන්තොටුපොළ රාජකාරී කරමින් සිටින අතරතුර මෙම රත්‍රං තොගය රහසිගතව ගුවන්තොටුපොළින් පිටතට රැගෙන යෑමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේ මෙසේ රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී කැරට් 24 රන් බිස්කට් 40ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇති අතර එහි මුළු බර ග්‍රෑම් 550ක් බව වාර්තා වේ.
302










