බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් මත්ද්‍රව්‍ය, ගිනිඅවි සමග අත්අඩංගුවට

බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් මත්ද්‍රව්‍ය, ගිනිඅවි සමග අත්අඩංගුවට

රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තා ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු 39 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව ප්‍රදේශයේදීය.

ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිත්තෝලයක්, ජීව උණ්ඩ 40ක් හා හෙරොයින් ග්‍රැම් 250ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම පුද්ගලයා සූරියවැව පොලිසියට භාරදී ඇති අතර, හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත්කිරීමට නියමිතය.

ඊයේ (13) දිනයේදීද බැකෝ සමන්ගේ සමීපතමයෙකු T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්