උතුරු කොරියාව ඊයේ (23) එරට නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ නව ගුවන් ආරක්ෂක මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල නිෂ්පාදනය සඳහා එරට නවීනතම තාක්ෂණය භාවිත කර ඇති බවද වාර්තා වේ.
මෙම මිසයිල මගින් සතුරු ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල ඇතුළු ගුවන් ඉලක්ක විනාශ කිරීමට ඉහළ හැකියාවක් පවතින බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පවතින දැඩි ආරක්ෂිත දේශසීමාව හරහා ගමන් කළ උතුරු කොරියානු සෙබලුන්ට අනතුරු ඇගවීමක් ලෙස දකුණු කොරියානු හමුදාව සිදු කළ වෙඩි ප්‍රහාරවලට පසු උතුරු කොරියාව විසින් මෙම අත්හදා බැලීම සිදු කිරීම විශේෂත්වයක් බවයි.
169










