මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒ සඳහා රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඒ අනුව නාඩු සඳහා රුපියල් 120කද සම්බා සඳහා රුපියල් 125කද කීරි සම්බා සඳහා රුපියල් 132කද සහතික මිලක් නියම කර ඇතැයිද ඔහු සඳහන් කරයි.
වී අලෙවි මණ්ඩලය මගින් රජයේ සහතික මිල ගණන් යටතේ නියමිත ප්‍රමිතියෙන් යුතු වී හෙට සිට මිලදී ගැනීමට නියමිතය.
217










