ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කළ එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශණ කාර්යංශයේ අධ්‍යක්ෂිකා ලෙස පත්කර තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පත්කර ඇත.
ඒ අනුව, හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්කර තිබේ.
Views: 0










