සටන් දරුණුයි – මහා බලවතුන් තිදෙනෙකුට අනතුරු අඟවයි

සටන් දරුණුයි – මහා බලවතුන් තිදෙනෙකුට අනතුරු අඟවයි

ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීමත් සමඟ එයට ප්‍රතිප්‍රහාර ඉරානය විසින් එල්ල කරන අතර, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය බය බලවතුන්ට ද අනතුරු අඟවා තිබේ.

මෙම තත්වය හමුවේ මැදිහත්කරුවෙකු ලෙස වහාම ඉදිරිපත් වීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා ඉරානය සමඟ සමීප සබඳතා පවත්වන අතර ඊශ්‍රායලය සමඟ ද අවබෝධාත්මක යහපත් රාජතාන්ත්‍රික සබඳතා පවත්වමින් සිටී.

මේ අතර, යේමනයේ හුති සංවිධානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. මේ වනවිට කලාපයේ යුද උණුසුම ක්ෂේත්‍ර ගණනාවකින් ඉහළ ගොස් ඇති අතර ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ බරපතළ හානිවලට සමාන හානියක් ඊශ්‍රායලයට ද මේ වනවිට සිදු වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්