නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු වන මහාචාර්ය ශිව සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය විශේෂ කාර්ය බලකාය යොදවා අද (30) දැඩි පරීක්ෂාවකට ලක් කෙරිනි.
පිල්ලෙයාන්ගේ නීතිඥයා ලෙස ගම්මන්පිල ඉදිරිපත් වූ අතර ඔහුගේ එම සන්දර්ශනාත්මක දේශපාලන මැදිහත්වීම මේ වනවිට දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වී තිබෙන අතර එම ඝාතනය වැඩි දුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
දෙමළ භාෂාවෙන් පළ කෙරෙන ප්‍රවෘත්ති වෙබ් අඩවි ගණනාවක් හෙළි කර තිබෙන්නේ පිල්ලෙයාන්ගේ කාර්යාල භූමිය තුළ කැණීම් සිදු කරමින් පරීක්ෂා කළ බව ය.
2,221









