රුපියල් 350 බුෂ් එකක් රුපියල් 79,000ට මිල දී ගත් අයට සූදානමින් සිටින්න වෙයි

රුපියල් 350 බුෂ් එකක් රුපියල් 79,000ට මිල දී ගත් අයට සූදානමින් සිටින්න වෙයි

ලංකා පොස්පේට් සමාගමේ සවි කර තිබෙන ඇඹරුම් යන්ත්‍ර සඳහා අවශ්‍ය රබර් බුෂ් මිල දී ගැනීමේ දී රුපියල් ලක්ෂ 150කට අධික මූල්‍ය අපරාධයක් සිදු කර ඇති බව විගණන වාර්තාවකින් හෙළි වේ.

එම රබර් බුෂ් එකක් රුපියල් 350 බැගින් දේශීය වශයෙන් මිල දී ගත හැකිව තිබියදී රුපියල් 79,082ක් බැගින් අතිශය ඉහළ මිලක් ගෙවා ආනයනය කර ඇත. මේ නිසා රුපියල් 15,746,482ක මූල්‍ය අපරාධයක් සිදු කර තිබේ. එසේ ගෙන්වන ලද රබර් බුෂ් තොගයක් භාවිතයට නොගෙන විනාශ වී ඇති බවට එම විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත. මෙම අපරාධයට වගකිය යුත්තන් කවුදැයි ජනතාව දැඩි විමසිල්ලකින් පසු වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්