දැඩි ලෙස කලබල වී සිටින 50ක ලැයිස්තුවක් මෙන්න

දැඩි ලෙස කලබල වී සිටින 50ක ලැයිස්තුවක් මෙන්න

අපරාධමය නඩු කඩිනමින් විභාග කිරීම සඳහා “අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත” පිළිබඳ විවාදය අවසානයේ පැවැත්වූ ඡන්ද විමසීමේ දී එම සංශෝධනවලට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ 50 දෙනෙකු මේ වනවිට දැඩි ලෙස කලබල වී සිටින බව වාර්තා වේ.

මෙම සංශෝධනය මගින් ත්‍රිපුද්ගල විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂිත මහාධිකරණ පිහිටුවා අපරාධමය නඩු කඩිනමින් විභාග කිරීමට අවකාශ සලසනු ලැබීය. එම සංශෝධනය 2018 මැයි 09 දින පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් අතර එයට පක්ෂව 117ක් සහ විරුද්ධව 50 දෙනෙකු ඡන්දය ලබා දී තිබිණි. එසේ විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අය අතර මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ප්‍රමුඛ පිරිසක් සිටීම විශේෂත්වයකි.

එම නාම ලේඛනය හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්