මේ වනවිට ඇමරිකාවේ මැයි 27 වන අඟහරුවාදා සිට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්ක් රූබියෝ විසින් පැනවූ නියෝගයක් මත සියලුම විදේශීය ශිෂ්‍ය වීසා සැකසීම අත්හිටුවන ලද බවට නිවේදනය කර ඇත. මෙම සියලුම ශිෂ්‍ය වීසා අයදුම්පත් අත්හිටුවීම පිටුපස ට්‍රම්ප් ගේ පුතා බාරොන් ගේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ අයදුම් පත ප්‍රතික්‍ෂේප වීම මත සිදු වුවක්ද යන්න එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් ප්‍රශ්ණ කර සිටි. නමුත් AFP මාධ්‍ය ආයතනය පවසන්නේ ට්‍රම්ප් පාලනය විසින් හාවර්ඩ් විශ්වවිද්‍යාලය සමරිසි සංස්කෘතිය පතුරුවන, පලස්තීන අරගලය වෙනුවෙන් පෙනී සිටින වම්මුන්ගේ මුලස්ථානයක් බවට පත්ව ඇති බව පවසා ඒවා පාලනය කිරීම සඳහා යයි පවසමින් මෙම තීරණය ගනු ලැබූ ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට කැමති විදේශීය සිසුන්ට එරෙහි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව යුද්ධයේදී, මෙම නව තාවකාලික පියවර යහපත් දෙයක් නොවන බව එරට බුද්ධිමතුන්ද පෙන්වා දේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 27%ක් විදේශීය සිසුන් වේ. මෙය ට්‍රම්ප්ගේ පුත්‍රයා වන බාරොන්ගේ අයදුම් පත ප්‍රතික්‍ෂේප වීම නිසා ගනු ලැබූ ට්‍රම්ප්ගේ පුද්ගලික තීරණයක් ලෙස හැඳින් වුවත් එය ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් පවසන්නේ බාරොන් එවැනි අයදුම්පතක් හාවර්ඩ් සඳහා ඉදිරිපත් නොකළ බවයි.
කෙසේවෙතත් මේ වනවිට ට්‍රම්ප් පරිපාලනය විසින් විදේශීය සිසුන් සඳහා නිකුත් කරන සියළුම වීසා බලපත්‍ර අහෝසි කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය විසින් නුදුරේදීම නව කම්පන සහගත උපක්‍රමයක් තම තොප්පියෙන් එළියට ගනිමින් සිටින බව AFP පුවත් සේවය පෙන්වා දෙයි. මෙවර, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ ඍජු අවධානයට ලක්ව ඇත්තේ එක්සත් ජනපදයට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය සිසුන්ය.
ඒ සියල්ල ආරම්භ වූයේ මැයි 27 වන අඟහරුවාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් විසින් සියලුම විදේශීය ශිෂ්‍ය වීසා සැකසීම අත්හිටුවන ලද බවට නිවේදනය කිරීමත් සමඟ ය.
AFP පුවත් සේවය විසින් ලබා ගත් අභ්‍යන්තර ලේඛනයක් මගින් තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවලට උපදෙස් දී ඇත්තේ “නව ශිෂ්‍ය වීසා හෝ හුවමාරු වැඩසටහන් සඳහා පත්වීම් සඳහා වැඩිදුර මඟ පෙන්වීමක් ලබා දෙන තුරු” නව වීසා බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන ලෙසයි.
ට්‍රම්ප්ගේ මෙම හාවඩ් තීරණයෙන් පසු, ජාත්‍යන්තර විදේශ සිසුන් ඔවුන්ගේ අනාගතය ගැන “අතිශයින්ම බියෙන්” සිටිති.
මෙම තීරණය මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ සිසුන්ගේ වීසා අයදුම්පත් වලංගු කිරීමට පෙර අදාළ සිසුන්ගේ සමාජ ජාල පරීක්ෂා කිරීම ගැටළු සහගත බව AFP පුවත් සේවය අවධාරණය කරනු ලබයි.
“නූතන තාක්ෂණික භාෂාවෙන් පවසතොත් ඇමරිකානු පරිපාලනයට දැන් ඇමරිකානු භූමියේ අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දක්වන සිසුන් “ලුහුබැඳීමට” හෙවත් “stalker” අවශ්‍ය බව පැහැදිලිවම මෙම චක්‍ර ලේඛනයේ සඳහන් වනවා. මෙම ඉංග්‍රීසිවාදය අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල රහසිගතව ලුහුබැඳීම – හෝ ඔත්තු බැලීම – සඳහා යොදාගන්නා තරමක් ව්‍යාජ යෙදුමක්” යයි අදාළ AFP පුවත් පත් වාර්තාවේ සඳහන් වේ.
AFP විසින් ලබාගත් ලේඛනයේ තවදුරටත් සඳහන් වන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එවැනි සියලුම ශිෂ්‍ය අයදුම්පත් සඳහා ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළ සඳහන් කරන දෑ පිළිබඳ ගැඹුරු සමාලෝචනයක් මත සිදු කරන මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
“තානාපති කාර්යාලවලට “ඉදිරි දිනවලදී” ඒ සඳහා නව මාර්ගෝපදේශ ලැබෙනු ඇති බව පවසමින්, වීසා අයදුම්පත් අත්හිටුවීම මෙම අභ්‍යන්තර ලේඛනය මගින් කෙටියෙන් නිවේදනය කළද, මෙම නවතම එක්සත් ජනපද තීරණ විහිළුවක් නොවේ” යයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ටැමි බෲස්ගේ ප්‍රකාශිකාව විසින් සිදු කළ ප්‍රකාශ මගින් සනාථ කර පෙන්වා දෙන බව AFP පෙන්වා දේ.
ඇය තවදුරටත් පැවසුවේ “රටට ඇතුළු වන සියලු දෙනා සඳහා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඉතා බැරෑරුම් ලෙස සලකන” බවයි. නමුත් කිසි විටෙකත් ලේඛනය කෙලින්ම සඳහන් නොකර. “ජනාධිපති සහ රාජ්‍ය ලේකම් (මාර්කෝ) රුබියෝ ප්‍රකාශ කර ඇති පරිදි, මෙහි සිටින පුද්ගලයින්ට නීතිය කුමක්දැයි තේරුම් ගැනීම සහතික කිරීම, ඔවුන්ට අපරාධකාරී චේතනාවක් නොමැති බව තහවුරු කර ගැනීම ඔවුන්ගේ තරාතිරමේ හා රැඳී සිටීමේ කාලය කුමක් වුවත් සිදු කරනවා “යයි ඇය ප්‍රකාශ කළාය.
නමුත් ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා එක්සත් ජනපදයට ඇතුළුවීමේ ක්‍රියා පටිපාටි දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර සිසුන් සඳහා, ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ ඉල්ලුම් පිළිගැනීමට සිදුවනු ඇත. ඒ අනුව සරත් සෘතුවේ දී පන්ති ආරම්භ වීමට පෙර සිසුන්ට ඔවුන්ගේ වීසා ලබා ගත හැකිදැයි AFP ආයතනය විමසූ විට, රාජ්‍ය ලේකම් ප්‍රකාශිකාව කෙටියෙන් ප්‍රතිචාර දැක්වීය:
“ඔබ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම්, සාමාන්‍ය ක්‍රියාවලිය, සාමාන්‍ය පියවර අනුගමනය කරන්න, සහ එසේම ඔබගේ අයදුම් පත පරීක්ෂාවට ලක්වීම අපේක්ෂා කරන්න.”
“පරීක්ෂාවට ලක්වීම අපේක්ෂා කරන්න.” යනු කුමක්ද ? AFP ආයතනය ප්‍රශ්ණ කළත් එයට පිළිතුරු ලැබී තිබුනේ නැත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු මෙම අනිසි ක්‍රමවේද මගින් ඇමරිකානු භූමියේ ජාත්‍යන්තර සිසුන්ගේ දේශපාලන මතවාද පාලනය කිරීමට යාම නිසා ඇමරිකානු විශ්වවිද්‍යාල තුළ තත්වය තවදුරටත් උග්‍ර වී ඇත. මෑතකදී සිය ගණනක් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අවලංගු කිරීම සහ විශ්වවිද්‍යාල මණ්ඩපවල පලස්තීනයට පක්ෂව ශිෂ්‍ය විරෝධතාවලට සහභාගී වීම නිසා ඇමරිකානු භූමියේ නීත්‍යානුකූලව පදිංචිව සිටින සිසුන්ද අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමද මෙයට ඇතුළත් වේ.
මේ සියල්ල සිදු වෙමින් පවතිනුයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හාවඩ් විශ්වවිද්‍යාලය අතර ඇති වී තිබෙන විවෘත යුද්ධයක සන්දර්භය තුළය. කීර්තිමත් ඇමරිකානු අධ්‍යාපන ආයතනය සිසුන් ඇතුළත් කර ගැනීම සහ පීඨවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු කිරීම තරයේ ප්‍රතික්ෂේප කරයි. එයට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වූයේ විශ්වවිද්‍යාලයට ලබා දෙන ඩොලර් බිලියන 2.2 රාජ්‍ය අරමුදල් දැඩි ලෙස කප්පාදු කරන බවට තර්ජනය කරමිනි. එසේම හාවඩ් සමඟ අත්සන් කර ඇති සියලුම ගිවිසුම් අවසන් කරන ලෙස ෆෙඩරල් ආයතනවලින් ඉල්ලා සිටීමට හා බදු සහන කපා දැමීමට පවා ඔහු පැකිලුනේ නැත.
ඉන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා හාවඩ් හි ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් කරන බව නිවේදනය කරනු ලැබුවේය. ට්‍රම්ප් පවසන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය සිසුන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය පිලිබඳ කිසිදු සොයා බැලීමක් සිදු නොකිරීම නිසා අදාළ ආයතනය වාමාංශික කඳවුරක් බවට පත්ව ඇති බවයි.
ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරණවලට එරෙහිව හාවර්ඩ් විශ්වවිද්‍යාලය අප්‍රියෙල් 21 වනදා මසෂුසෙට් ප්‍රන්ත්‍රයේ ෆෙඩරල් අධිකරණය තුළ නඩුවක් පනවා ඇත. ඇමරිකානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළට ට්‍රම්ප් විසින් සිදු කරන දේශපාලන මැදිහත් වීම්වලට එරෙහිව ඇමරිකානු Yale, princeton, විශ්වවිද්‍යාලද හාවර්ඩ් විශ්වවිද්‍යාලයට තම සහය පල කර ඇත.
කෙසේවෙතත් බොස්ටන්හි ෆෙඩරල් විනිසුරුවරියක් වූ ඇලිසන් බරෝස් විසින් මැයි 29 බ්‍රහස්පතින්දා හාවර්ඩ් විශ්වවිද්‍යාලයට එරෙහිව පැනවූ ට්‍රම්ප්ගේ තහනම් නියෝග පිළිබඳව දින කිහිපයක අත්හිටුවීමක් හෝ දීර්ඝ අත්හිටුවීමක් සිදු කළ යුතුද යන්න පිළිබඳව නඩු විභාගයක් පැවැත්වූ අතර, ඉන් පසුව අදාල නඩුව සඳහා ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා හාවඩ් විශ්වවිද්‍යාලයට යළි අවසර ලබා දී තිබිණි.
“එක්සත් ජනපදයේ සිසුන් සහ උසස් අධ්‍යාපන කවයන් අතර කැළඹීමක් ඇති කළ ට්‍රම්ප් පරිපාලනයේ මෙම පියවර නිශ්චිත කාලයක් සඳහා අවහිර කරන බව විනිසුරු ඇලිසන් බරෝස් අදාළ නඩු විභාගයේදී සඳහන් කර සිටියාය.
මේ අතර ඇතැම් ඇමරිකානු දේශපාලන විචාරකයින් හා ඇමරිකානු පැසිපන්දු තරුවක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන කරීම් අබ්දුල්-ජබ්බාර් පෙන්වා දෙන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය Alan Garberගේ ට්‍රම්ප් විරෝධී අරගලය 60 දශකයේදී ඇමරිකාවේ වර්ණ භේදවාදයට එරෙහි සිවිල් අයිතිවාසිකම් අරගලයේ නිරූපිකාවක් වන රෝසා පාර්ක්ස් සිදු කළ සමානාත්මතාවය සඳහා වූ සටන හා සමාන බවයි.









