අද තීරණාත්මකයි

අද තීරණාත්මකයි

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක් එක් පක්ෂ සඳහා සමානුපාතික ගණනය කිරීම් අනුව තේරී පත් වූ සභිකයන් නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ලබා දී තිබූ කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙන් ම සෙසු පක්ෂ බොහොමයක් ද එම සභික ධුර සඳහා නම් ඉදිරිපත් කිරීමේ දී අභ්‍යන්තර ගැටුම් රැසකට මුහුණ දී සිටී. මේ නිසා සභික ලැයිස්තු අද මධ්‍යම රාත්‍රිය වනවිට සම්පූර්ණ වශයෙන් බාර දීමට එම පක්ෂ අසමත් වී ඇතැයි වාර්තා වේ.

එසේ සභික නාම ලේඛන අද මධ්‍යම රාත්‍රියට පෙර ලබා නොදුනහොත් මැතිවරණ කොමිෂන් සභාව ගන්නා තීරණය කුමක් දැයි මේ දක්වා ප්‍රසිද්ධ කර නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්