මාලිමාවට 74%ක බලයක්

මාලිමාවට 74%ක බලයක්

පළාත් පාලන පනත අනුව එම මැතිවරණය පවත්වන ලද කොට්ඨාස 5,027කින් ජාතික ජන බලවේගය කොට්ඨාස 3,722ක් ජයග්‍රහණය කිරීමෙන් 74.04%ක බලයක් තහවුරු කර ගෙන තිබේ.

එම බලය තහවුරු කිරීම අවතක්සේරු කිරීම සඳහා කුඩා පක්ෂ සියල්ල ඒකාබද්ධ ව ගෙන ගිය ප්‍රචාර ද මේ වනවිට ඔවුන් වෙත ම පාරාවළල්ලක් වී ඇති බව සනාථ වේ. එම කුඩා පක්ෂවලට ලැබී තිබෙන ලැයිස්තු සභික ධුර වෙනුවෙන් නම් ඉදිරිපත් කිරීමේ දී එම පක්ෂ තුළ බරපතළ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කර තිබේ.

රට පුරා පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් කොට්ඨාස 5,027ක් ඇති අතර, සමගි ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි වූයේ කොට්ඨාස 514කි. එය සමස්ත කොට්ඨාස සංඛ්‍යාවෙන් 10.22% කි. පොහොට්ටු පක්ෂය ජයග්‍රහණය කර තිබෙන්නේ කොට්ඨාස 38ක් වන අතර එහි ප්‍රතිශතය 0.75%කට යන්තම් ආසන්න ප්‍රමාණයකි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය කොට්ඨාස 328ක් ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 6.52%ක් වී තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂය, සර්ව ජන බලවේගය ඇතුළු කුඩා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සියල්ලක් ම කොට්ඨාස 425ක් ජයග්‍රහණය කර තිබේ. එම කණ්ඩායම් සියල්ල ලබා ගෙන ඇති කොට්ඨාස ප්‍රතිශතය 8.45% කි.

එම ප්‍රතිඵලය අනුව, ජාතික ජන බලවේගය උතුර නැගෙනහිර ද ඇතුළුව පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් අති විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගෙන ඇති අතර, අනෙකුත් සියළුම පක්ෂ ලබා ගෙන ඇත්තේ 26%කට ආසන්න ප්‍රතිඵලයකි. මේ අනුව සමගි ජන බලවේග ඇතුළු සෙසු සියලු පක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති බව තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්