රේගුවේ බහාලුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායකට, හිටපු අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල එල්ල කරන චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ නීතීඥ නලීන් සම්පත් විසිනි.
අදාළ නිදහස් කරන ලද බහාලුම් තොගයේ ආයුධ තිබුණු බවට සැක පළ කරන බවයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ඇමති උදය ගම්මන්පිල සඳහන් කළේ.
එමෙන්ම දයාසිරි ජයසේකරද ඊට සමාන අදහස් පල කර තිබිණි.
489









