ඡන්ද ගන්න කැරම් බෝඩ්, දාම් බෝඩ් බෙදූ මහින්දානන්දට 20යි… නලීන් ප්‍රනාන්දුට 25යි… බරපතල වැඩ සහිත සිරදඬුවම්…

ඡන්ද ගන්න කැරම් බෝඩ්, දාම් බෝඩ් බෙදූ මහින්දානන්දට 20යි… නලීන් ප්‍රනාන්දුට 25යි… බරපතල වැඩ සහිත සිරදඬුවම්…

හිටපු ඇමති මහින්දානන්ද අලුතගමගේට වසර 20ක සහ එවකට සතොස ආතනයේ හිටපු සභාපති මෙන්ම හිටපු වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දුට කොළඹ මහධිකරණය විසින් වසර 25ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම කර තිබෙි.

ඒ, පසුගිය 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂට වාසි සහගත වන අන්දමින් සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් බෙදාහරිමින් රජයට රුපියල් මිලියන 53ක් පාඩු කිරීමේ චෝදනා සධාරණ සැකයකින් ඔබ්බට ඔප්පුවීම මතය.

මෙම නඩු විභාගයේදී අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරිය අධිකරණය හමුවේ අවධාරණය කර තිබෙන්නේ මූල්‍ය අපරාධවල යෙදෙන්නන් හට පාඩමක් ලෙස සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිපේරණව වන ආකාරයේ තීන්දුවක් ලබාදෙන ලෙසය.

මෙම නඩු විභාගය කොළඹ මහ අධිකරණයේ මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එම තීන්දුවෙන් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ හට රුපියල් ලක්ෂ දෙකක සහ නලීන් ප්‍රනාන්දු හට රුපියල් ලක්ෂ 4ක ව⁣ශයෙන් දඩ මුදල්ද නියම කරන බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්