නව COVID ආසාදිතයින් හඳුනාගැනීමට PCR වැඩි කරයි

නව COVID ආසාදිතයින් හඳුනාගැනීමට PCR වැඩි කරයි

නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරිම වැඩි කර ඇතැයි වාර්තා වේ.

ඒ, නව COVID – 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ, උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙසද අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.

නව COVID-19 ප්‍රභේදය පිළිබඳ මෙරට තත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවත් සීමාවන් පැනවීම සිදු නොකරන බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සදහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්