සජිත්ට විශේෂ ජයග්‍රහණයක්

සජිත්ට විශේෂ ජයග්‍රහණයක්

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද පුපුරා යාමෙන් දැන් මේ වනවිට විකාර රූපී රංගනයක් බවට පත් කිරීමේ නායකත්වය සජිත් ප්‍රේමදාසට හිමි වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ.

එම පක්ෂයෙන් ඉල්ලා අස් වූ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු කිහිප දෙනෙකු නැවත එම තනතුරුවලට ම පත්කර ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වී සිටී. මාතලේ දිස්ත්‍රික්කයේ රංජිත් අලුවිහාරේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සම සංවිධායක අසෝක සේපාල ඒ ආකාරයට නැවත පත්වීම් ලැබූ දෙදෙනෙකි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොටගල සහ ආගාරපතන ප්‍රාදේශීය සභා දෙකට හිමි වී තිබූ සමානුපාතික ලැයිස්තු සභික ධුර සඳහා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයෙන් දෙදෙනෙකු පත්කර තිබිණි. එයට විරෝධය පා දිස්ත්‍රික් සම සංවිධායක ධුරයෙන් අසෝක සේපාල ඉල්ලා අස් විය. නමුත් එම සභික ධුර සඳහා තමන් නම් කළ දෙදෙනෙකු පත් කිරීමට පියවර ගැනීම නිසා නැවත දිස්ත්‍රික් සම සංවිධායක ධුරය බාර ගන්නා බව අසෝක සේපාල ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්