ඉකුත් රජය සමයේ ප්රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් තනූජා ලක්මාලී අද (26) නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රුපියල් 50,000 මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කර ඇත.
එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවද නියෝග කර තිබේ.
ඊට අමතරව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාරදිය යුතු බවටද මහෙස්ත්රාත් තනූජා ලක්මාලී නියෝග කර ඇත.
එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් විමර්ශනවලට අවශ්ය සහාය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් මහෙස්ත්රාත්වරිය විසින් හිටපු ඇමති මහින්දානන්ද අලුත්කමගේට නියෝග කර තිබේ.










