චාමර සම්පත්ගේ සමයේ එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2,700 පාඩු කරලා… CIDයෙන් පරීක්ෂණයක්…

චාමර සම්පත්ගේ සමයේ එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2,700 පාඩු කරලා… CIDයෙන් පරීක්ෂණයක්…

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ඉකුත් 2022 සහ 2023 වසර අතර කාල වකවානුවේදී එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මීට අදාළ පැමිණිල්ල පොස්පේට් සමාගමේ හිටපු සේවකයකු විසින් සිදු කර ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව සමාගම් දෙකක් හරහා රොක් පොස්පේට් අපනයනය කර ඇති බව අනාවරණය වී ඇතෙැයිද සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යැයිද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසේන ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහි වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ උක්ත සමයේ දිනක එනම් 2023 ජූලි 17 දින එම ආයතනයට නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණ එම සමාගමේ සේවකයන් විසින් වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් හෙළිදරව්වක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එවකට කර්මාන්ත ඇමති චාමර සම්පත් දසනායක විසින් පොස්පේට් සමාගමේ විධායක නිලධාරියකුට පහර දීමට උත්සාහ කිරීමමේ සිදුවීමක්ද වාර්තා විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්