මැයි 03 ජනපති වියට්නාමයට

මැයි 03 ජනපති වියට්නාමයට

එළැඹෙන මැයි මාසයේ 03 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (29) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 03 වන දින සිට මැයි 06 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිත බවය.

මේ අතර එම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවත් එම යෝජනා ඊයේ (28) පැවති අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කර ගත් බවත් ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්