ගොටාබයගේ මැණික් ගඟ නිවස: ලංගම හිටපු උප සභාපති CID අත්අඩංගුවට

ගොටාබයගේ මැණික් ගඟ නිවස: ලංගම හිටපු උප සභාපති CID අත්අඩංගුවට

මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර ඇති ජී. රාජපක්ෂ නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වන එල්.ඒ විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර කතරගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහද අත්අඩංගුවට ගත් අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ඇතුලු පිරිසකගෙන්ද පසුගිය දිනවල පොලිසිය ප්‍රකාශද සටහන් කර ගනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්