රනිල්ගෙන් අල්ලස් කොමිසම පැය 03ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගනියි

රනිල්ගෙන් අල්ලස් කොමිසම පැය 03ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගනියි

අද (28) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් පැය 03කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් මහ ඇමති ධුරයේ කටයුතු කළ සමයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කර ඒය තම පුද්ගලික ගිණුමක තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති අද පෙරවරු 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ, පස්වරු 12.25ට පමණ එතැනින් පිටත්ව ගොස් ඇත. මෙම කාලය තුළ ඔහුගෙන් පිටු 10ක කටඋත්තරයක් ලබා ගෙන ඇති බව ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මාධ්‍යයට අනාවරණය කළේය.

හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවෙන් පිටව ගිය පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නානායක්කාර මහතා මෙසේ පැවසීය:

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර මෙම නඩු කටයුතු සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද වාර්තා වේ.

මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් ඉදිරි දිනවල තවත් කැඳවීම් සිදු කිරීමට ඉඩ ඇති බවත් එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනු ඇති බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්