ප්‍රසන්නගේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

ප්‍රසන්නගේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු ඇමති මර්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ වනවිට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්