හෙරොයින් කිලෝ 494ක් විනාශ කිරීමට පියවර

හෙරොයින් කිලෝ 494ක් විනාශ කිරීමට පියවර

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක ප්‍රමාණයක් හෙට (28) උදෑසන 10.00ට INSEE’ සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුළ විනාශ කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවය.

එම මත්ද්‍රව්‍ය තොගය අතර 2021.12.15 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතිකයින් 06 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුව ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250යි ග්‍රෑම් 996ක් ප්‍රමාණයද ඇතුළත් බව වාර්තා වේ.

අනෙක් කොටස 2022.04.19 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතික සැකකරුවයන් 07 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ 243යි ග්‍රෑම් 052ක කොටස බවද වාර්තා වේ.

මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය දෛනිකව මෙහෙයුම් සිදුකරනු ලබයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්