සජබයට ඡන්දය දෙන්න එපා – රාවුෆ් හකීම්

සජබයට ඡන්දය දෙන්න එපා – රාවුෆ් හකීම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය නොදෙන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ජනතාවට පවසයි.

එම පක්ෂයේ සංකේතය වන දුරකතන යල් පැන ගිය එකක් බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මේ බව සඳහන් කර තිබුණේ සමන්තුරේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අනාගත සහයෝගීතාව පිළිබඳ බැරෑරුම් ලෙස සළකා බලා තීන්දු තීරණ ගැනීම අවශ්‍ය බවද ඔහු එහිදී අවධාරණය කර ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනම තරග කරන බවත් මහනුවර සභා 11ක් සඳහා සිය පක්ෂයෙන් වෙනම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කරයි.

කෙ‌සේ වෙතත් මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් සමගි ජන බලවේගය සමග එක්ව ආසන තුනකට තරඟ කරයි. එය ඔවුන්ගේම කැමැත්තෙන් සහ සමගි ජන බලවේග සංවිධායකයින්ගේ ඉල්ලීම පරිදි සිදු වූවක් බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්