රණසිංහ ප්රේමදාස ජනාධිපති යටතේ රට පුරා දියත් කර තිබූ භීෂණකාරී තත්වය තුල පවා ශිෂ්ය ඉල්ලීම් දිනා ගැනීමට ගෙන ගිය අරගලයක ජයග්රාහී 33 වෙනි සංවත්සරය අද (24) දිනට යෙදී තිබේ.
එම භීෂණකාරී තත්වය තුළ ම එවකට තිබූ විශ්ව විද්යාල 9හි ශිෂ්ය සංගම් පිහිටුවා අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය ද නැවත පිහිටුවා ගෙන තිබිණි. රාජගිරියේ දේශීය වෛද්ය විද්යාලයේ සිසුන් මුහුණ දෙමින් තිබූ බරපතළ ගැටලු රැසක් සහ නිදහස් අධ්යාපනය රැක ගැනීම වෙනුවෙන් අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය ක්රියා මාර්ග ගණනාවක් දියත් කරමින් තිබූ අතර එහි උච්චතම පියවරක් ලෙස විශ්ව විද්යාල කොමිෂන් සභාව සිසුන් විසින් අත්පත් කර ගනු ලැබීය.
1993 අප්රේල් 23 වෙනි දින සවස එලෙස අත්පත් කර ගැනීම සිදු කළ අතර 24 දින දහවල් වනවිට සිසුන්ගේ සියලු ඉල්ලීම් දිනා ගෙන ප්රේමදාස පාලනය දණ ගැස්වීමට ශිෂ්ය ව්යාපාරයට හැකි විය.
එම අරගලය දියත් කර තිබූ අතර අප්රේල් 23 වෙනි දින කිරුලපනදී ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ලලිත් ඇතුලත්මුදලි ඝාතන චෝදනාව කරුණු සහිතව ප්රේමදාස පාලනයට එල්ල වූ අතර, ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග පත් කළ කොමිෂන් සභාවකින් ද එම කරුණු සනාථ විය. එවැනි භීෂණයක් තුළ ශිෂ්ය ව්යාපාරය ලබා ගත් සුවිශේෂී ජයග්රහණය මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වී තිබේ.










