ඩැන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කෙරේ – රහස් රැසක් වැළලීමට සිදු කළ ඝාතනයක්! – ඔහුගේ ෆේස්බුක් පිටුවත් භයානක අපරාධමය ලෙසින් වර්ගීකරණය කරලා

ඩැන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කෙරේ – රහස් රැසක් වැළලීමට සිදු කළ ඝාතනයක්! – ඔහුගේ ෆේස්බුක් පිටුවත් භයානක අපරාධමය ලෙසින් වර්ගීකරණය කරලා

රාජපක්ෂ පවුලේ සහ විශේෂයෙන් ම නාමල් රාජපක්ෂගේ අතිශය සමීප අන්තවාදියෙකු ලෙස කටයුතු කළ ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීම රහස් රැසක් වසන් කිරීමට කළ දෙයක් බව මේ වනවිටත් පැහැදිලි වී තිබේ.

ඊයේ රාත්‍රියේ ඔහුව ඝාතනය කිරීමටත් සමඟ ෆේස්බුක් ආයතනය විසින් ඔහුගේ පිටුව “Violent, Hateful, or Criminal Activity” ලෙසින් වර්ගීකරණය කරමින් ඔහුගේ තොරතුරු සොයන්නන් හට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඔහු පසුගිය මාර්තු මස 23 වෙනි දින ෆේස්බුක් මත පෝස්ටුවක් පළ කරමින් “බල්ලොත් එක්ක නිදා ගත්තම
නැගිටින්න වෙන්නෙ බලු මැක්කොත් එක්ක. එක නිසා බල්ලන්ගෙන් ඉවත් වෙනවා
” යනුවෙන් සඳහන් කර තිබිණි.

ඔහුට වෙඩි තබන අවස්ථාව වනවිට කොලොන්නාව ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක 6 වන මහලේ මත්පැන් පානය කරමින් සිට ඇත. ඔහු සමඟ තවත් එක් පුද්ගලයෙකු පමණක් සිට ඇති අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn