විශාල සහනයක් සලසමින් ණය මුදල් කපා හැරීම ගැන කාන්තාවන්ගේ ප්‍රසාදය

විශාල සහනයක් සලසමින් ණය මුදල් කපා හැරීම ගැන කාන්තාවන්ගේ ප්‍රසාදය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන් ලබා ගත්  රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය ගත් තීරණයට එම කාන්තාවන් ප්‍රසාදය පළ කර තිාබ්.

නියගය හේතුවෙන් වගා කන්න 05ක් එක දිගට හානි වූ දිස්ත්‍රික් 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කළේය. එලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමෙන් එම දිස්ත්‍රික්කවල කාන්තාවන්ට විශාල සහනයක් සැලසිණි.

ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික් ඒ අතර වේ.

ලබා ගත් ණය මුදල ගෙවා ගත නොහැකිව දැඩි මානසික පීඩාවකට පත්ව සිටි තමන්ට එම ණය මුදල් කපාහරින බවට පැවසීම පවා මහත් සහනයක් වූ බව එම කාන්තාවෝ පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්