ජාවාරම්කරුවන් සොයා දිගටම පීරයි

ජාවාරම්කරුවන් සොයා දිගටම පීරයි

මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් සිදු කරන පුද්ගලයින් සහ ප්‍රදේශ නිශ්චිතව හඳුනාගනිමින් මෙයෙුම් රැසක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය මෙන් ම, පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය ද මෙම මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් යොදා ගෙන ඇත. පසුගිය මාසයක පමණ කාලය තුළ සිදු කළ වැටලීම්වල දී ජාවාරම්වලට සම්බන්ධ වූ පොලිස් නිලධාරින් අත්තඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි.

මෙයට පෙර, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් හමුදාවේ දැනටත් සේවය කරන සහ විශ්‍රාම ගිය අය මෙන් ම, පළා ගොස් සිටින අය ද සම්බන්ධ වී සිටියහ. එම ප්‍රවණතාවය අවම මට්ටමකට පත් වී ඇති අතර ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්තඩංගුවට ගැනීම ඉහළ යමින් තිබෙන බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්