“ගෑනියෙක් හින්ද ආගම වෙනස් කරන්න ලැජ්ජා නැද්ද මිනිහෝ”

“ගෑනියෙක් හින්ද ආගම වෙනස් කරන්න ලැජ්ජා නැද්ද මිනිහෝ”

තිලක් ජයරත්න තිර පිටපත ලියා ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ කඩුල්ල ටෙලි නාට්‍යයේ ඇතුලත් ප්‍රබල සමාජ විද්‍යාත්මක සහ දේශපාලන විද්‍යාත්මක දෙබස් රැසක් අතරින් එක නිදර්ශනයක් ඉහත සිරස්තලයේ දැක්වේ.

මෙම ටෙලි නාට්‍යය සුවිශේෂී ගවේශනාත්මක දේශපාලන සහ සමාජ විද්‍යාත්මක නිර්මාණයකි. ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් සිදු කළ සුවිසල් පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස නිකුත් කර ඇති “සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතිය සහ කඩුල්ල ටෙලි නාට්‍යය මෙන් ම, බෝගල සවුන්දිරිස් ටෙලි නාට්‍යය ද යන පර්යේෂණාත්මක නිර්මාණ ත්‍රිත්වය එකට තබා කියවා ගැනීම මේ මොහොතේ අතිශයින් වැදගත් කාර්යභාරයක් වී තිබේ.

කඩුල්ල ටෙලි නාට්‍යය මෙරට ධනවාදයේ නැගීම සහ සිංහල ප්‍රභූ බලය ගොඩ නැගීම පිළිබඳව ඓතිහාසික විකාශනයේ කඩපතකි. එය හොරගොල්ල වලව්වෙන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක දේශපාලනයට ප්‍රවේශ වීම දක්වා කතා පුවත ද බෝගල සවුන්දිරිස් ටෙලි නාට්‍යයෙන් ඩී. එස්. සේනානායක ප්‍රමුඛ සේනානායක පරපුර දේශපාලන බලයට ප්‍රවේශවීම දක්වා කතා පුවත ද මැනවින් නිරූපණය කර ඇත.

“සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතිය එම දේශපාලන ප්‍රභූ බලය පිටුපස තිබෙන ඓතිහාසික විකාශනය ශාස්ත්‍රීය ලෙස විවරණය කළ කෘතියකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්