අස්වැසුම අප්‍රේල් මස ප්‍රතිලාභී දීමනාව අද (11) සිට එම ප්‍රතිලාභීන්ට සිය බැංකු ගිණුම මගින් ලබා ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් වෙන්කර තිබේ.
එමෙන්ම එම පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944ක් සඳහා රුපියල් බිලියන 2.9ක මුදලක්ද ගිණුම් ගතකර ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටී.
වැඩිහිටියන් සඳහා ලබා දෙන මාසික දීමනාව මේ මාසයේ සිට රුපියල් 3,000 සිට 5,000 දක්වා වැඩි කර ඇති බවද එම මණ්ඩලය ප්‍රකාශ කළා.
71










