මෙරට සියලුම අධිවේගී මාර්ග සඳහා බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා ඇමති බිමල් රත්නායක පවසයි.
ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස එය මේ වනවිට කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවලදී ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෙම ව්‍යාපෘතිය හරහා කාඩ්පත්වලට අමතරව QR මඟින්ද ගෙවීමේ සිදු කිරීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
109









