රනිල් වික්‍රමසිංහ සෘජුව බටලන්ද අපරාධවලට වග කියන්න ඕන – සුනිල් වටගල

රනිල් වික්‍රමසිංහ සෘජුව බටලන්ද අපරාධවලට වග කියන්න ඕන – සුනිල් වටගල

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශවල සඳහන් වන පරිදි එහි අනීතික ක්‍රියා සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෘජුව සම්බන්ධ බවත් ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෘජුවම වගකිව යුතු බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති නීතීඥ සුනිල් වටගල පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා සභාගත කළ බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් අද (10) ආරම්භ කළ දෙදින විවාදය ආරම්භක අදහස් දැක්වීමේදීය.

ඉතිහාසයේදී, දේශපාලනය සිදුකළ වරදට ඇතැම් අයට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බවද නියෝජ්‍ය ඇමති නීතීඥ සුනිල් වටගල සඳහන් කළේය.

එදා එම දේශප්‍රේමී අරගලය වෙනුවෙන් දේශපාලනය සිදුකළ වරදට වන්දි ගෙවූ පිරිස් වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන බවද, සැබෑ අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

එදා මෙම කුමන්ත්‍රණය සිදු කළේ රනිල් වික්‍රමසිංහ බවත්, ඔහු විසින් කුමන්ත්‍රණ සිදුකර ගෝනවල සුනිල් ලවා පොලිසියට පහරදී, ඩග්ලස් පීරිස් ලවා ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් ඝාතනය කරවීමට කටයුතු කළ බව නි‍යෝජ්‍ය ඇමති සඳහන් කළේය.

ඉතිහාසයේ සුදු සළුපිලි ඇඳගෙන මෙම ඝාතන දෙස බලා සිටි රනිල් වික්‍රමසිංහ, අද අල්ජසීරා නාලිකාවට ගොස් ‍බොරු ප්‍රකාශ කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්