වැඩි කළ රාජ්‍ය සේවක වැටුප ගැන විශේෂ චක්‍රලේඛයක්…

වැඩි කළ රාජ්‍ය සේවක වැටුප ගැන විශේෂ චක්‍රලේඛයක්…

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයෙන් යෝජනා කළ පරිදි වැඩි කළ රාජ්‍ය සේවක වැටුප අද (10) ගෙවීමට නොහැකි ආයතනවලට හිඟ මුදල් ගෙවීමට අමතර දිනයක් ප්‍රකාශ කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය නිලධාරීන්ගේ සංශෝධිත වැටුප අද ගෙවිය යුතු බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර විසින් නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

පිළිගත හැකි හේතුවක් මත, වැඩි කළ වැටුප ගෙවීමට අපොහොසත් වන ආයතන විසින් කාර්ය මණ්ඩලයට දැනට හිමි වැටුප ගෙවිය යුතු බවත් නව වැටුප් පරිවර්තන කිරීමෙන් අනතුරුව වන අප්‍රේල් වැටුපෙහි හිඟ මුදල් ලබන 25 වැනිදා ගෙවිය යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්