ප්‍රචණ්ඩ ක්‍රියා කළ පොහොට්ටු අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට…

ප්‍රචණ්ඩ ක්‍රියා කළ පොහොට්ටු අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට…

නිකවැරටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්ව සිටින පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනෙකු තවත් පුද්ගලයෙකු සමග මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීම මත ඊයේ (09) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ නිකවැරටිය ආසනයේ උතුර කොට්ඨාසයේ අපේක්ෂක, කණ්ඩායම් නායක නිලන්ත බණ්ඩාරගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය ඊයේ අලුයම් කාලයේ පොහොට්ටු මැරයන් විසින් කඩාබිඳ දමා විනාශකර තිබේ. ආරක්ෂක කැමරාවල පටිගත වී ඇති දත්ත මත සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම කාර්යාලය කඩා බිඳදමා ඇත්තේ පොහොට්ටු පක්ෂයේ එම කොට්ඨාසයේම අපේක්ෂකයින් දෙදෙනෙකු සහ තවත් ඔවුන්ගේම ආධාරකරුවෙකු විසින් බවය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ආධාරකරුවා සඳහන් කර ඇත්තේ තමන්ට මේ සඳහා පොහොට්ටු අපේක්ෂකයින් දෙදෙනා මුදල් ලබා දුන් බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්