පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමේ ක්‍රියාවලියක් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති 2018 වසරේ දී වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙකි.
අදාළ ඝාතන දෙක සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම පොලිස් කොස්තාපල්, එම ඝාතන සිද්ධිය නොමග යවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.
421










