ලබන 06 වනදා පැවැත්වීම සඳහා මේ වනවිට කැඳවා ඇති 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු මාසයේ 03 වන දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (08) දිනයේද අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමග මේ වනවිට පක්ෂ ආධාරකරුවන් 42ක් සහ වාහන 11ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඊයේ (08) උදෑසන 06.00 සිට අද (09) උදෑසන 06.00 දක්වා කාලය තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිල්ලක්ද ලැබී ඇති බවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12ක් ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මාර්තු 03.00 වන දින සිට අද දක්වා වාර්තා වී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 24කි.
එම කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 99ක්ද වාර්තා වී ඇත.
229










