දේශබන්දුගේ අඩිපාරේ යන පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

දේශබන්දුගේ අඩිපාරේ යන පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් නිලධාරීන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අඩිපාරේ යමින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීම් සිදු කෙරෙමින් පවතී.

විශේෂයෙන් ම, එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයකින් සිටින අතර වර්තමාන වැඩ බලන පොලිස්පතිවරයාගේ ද දැඩි මැදිහත්වීමක් ද පවතී. සැකකරුවෙකු අත්තඩංගුවට ගත් පසු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛ පවා නොතකා හරිමින් ඇතැම් නිලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියා කරති.

එවැනි ආසන්නතම නිදර්ශනයක් වන වැලිකඩ පොලිසියෙන් අත්තඩංගුවට ගත් තරුණයෙකු හට අමානුෂික ලෙස පහර දී මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ. ඊට අමතරව, වැලිකඩ පොලිස් ස්ථානාධිපති එම ධුරයෙන් ඉවත් කිරීමට ද චූදිත නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්