බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාරගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් එහි සඳහන් වේ.

එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවිමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇතැයිද එහ් සඳහන් වේ.

සියළුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර දැනටමත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇතැයිද එම නිවේදනයේ සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්