ටිරාන් අලස් පැය 06කට පසු CIDයෙන් පිටව යයි

ටිරාන් අලස් පැය 06කට පසු CIDයෙන් පිටව යයි

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.

ඒ අනුව මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ‍තිබේ.

අද (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු පැය 05කට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

ඔහු එහි කැඳවා ඇත්තේ ඉකුත් 2023 වසරේ මාතර, වැලිගම “W15” හෝටලයට වෙඩිතැබීම සහ එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහාය.

මෙම සිද්ධියට අදාළව එවකට වැඩබල පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Facebook
Twitter
LinkedIn