මිද්දෙනිය ඝාතනය පිටුපස ඉන්නා දේශපාලකයින් ලඟදීම හෙළි කරනවා – සුනිල් වටගල

මිද්දෙනිය ඝාතනය පිටුපස ඉන්නා දේශපාලකයින් ලඟදීම හෙළි කරනවා – සුනිල් වටගල

මිද්දෙනිය ඝාතනය පිටුපස ඉන්නා දේශපාලකයින් ලඟදීම හෙළි කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවත්වෙන ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා විවාදයට එක් වෙමිනි.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු, පතාල ඝාතන සමග සම්බන්ධ දේශපාලකියන් පිළිබඳව හෙළි කළ යුතු බවට සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල පැවසූවේ “ඉතා නොබෝ දිනකින් බපාපොරොත්තුවෙන්න. විශේෂයෙන් මිද්දෙනිය ඝාතනය පිටුපස ඉන්න දේශපාලනඥයන් කවුද කියලා.” යනුවෙනි.

පසුගිය 18 වනදා, මිද්දෙණිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා ජීවිතක්ෂට පත්විය.

Facebook
Twitter
LinkedIn