මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළවය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් 6314/23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
මාතර වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්විය. එවකට දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරනු ලැබුවේ වැඩ බලන පොලිස්පති ලෙසය.










